Singular and Plural forms of nouns





         


⏩සාමාන්‍යයෙන් නාම පදයක් බහු වචනයට (Plural forms ) හරවනු ලබන්නේ 'S' එකතු කිරීමෙනි.

                             Girl              → Girls
                             Teacher        → Teachers
                             Cat               → Cats

⏩'s,ss,ch,sh,o,x' යන අකුරුවලින් අවසාන වන නාම පද බහු වචන කරනු ලබන්නේ 'es' එකතු කිරීමෙනි.

                           Bus           → Buses
                          Class        → Classes
                         Watch       → Watches

⏩ Y අකුරින අවසන් වන නාම පදවල Y වලට පෙර අකුර Consonanat (ව්‍යංජන අකුරු) b,c,d,f,g,h,j,k,l,m,n,p,q,r,s,t,v,w,x,y,z) නම් Y ඉවත්කර  ඒවෙනුවට i යොදා ' es' එකතු කරනු ලබයි.



                          Lady            Ladies
                         Baby           → Babies
                         Hobby         Hobbies

⏩නමුත් Y අකුරට පෙර අකුරට  vowel අකුරක් නම් Y තිබියදීම S පමණක් එකතු කරයි.

                       Day            Days
                       Key            Keys
                      Monkey     Monkeys

Fහෝ fe වලින් අවසන්වන නාම පද බහුවචනයට හැරවීමේදී f හෝ fe ඉවත්කර ඒ වෙනුවට v යොදා   es එකතු කරයි.

                   Wife       → Wives
                   Life         → Lives 

ඇතැම් නාම පද මේ අයුරින් වෙනස් වේ.

                 Man         → Men
                Woman    → Women
               Child → Children
               Foot → Feet
              Tooth → Teeth
               Mouse → Mice

ඇතැම් නාම පදබහු වචන ස්වරූපයෙන්ම පවතී.

             Scissors → a pair of scissors
            Glasses → a pair of glasses

Comments

Post a Comment

Popular posts from this blog

comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය ) කඩ්ඩට පෙර lesson 7